iranama
වින බන්ධන ආපසු හරවන සබ්බ පාපස්ස අලගුව
සතර මහා නිධානයක් බඳු ගාථා සතරක් වන මෙම සබ්බ පාපස්ස ගාථාවෙහි මෙවර නිධාන ගාථාව ඉදිරිපත් කරනු ලබන්නේ සබ්බ පාපස්ස අලගුවයි. නොසිතූ ආශ්චර්යවත් අද්භූත වූ ප්රාතිහාර්යයන් පෑ හැකි මහත් ආනුභාව සම්පන්න මෙම මහා අලගුව මන්ත්‍ර ශාස්ත්‍රයෙහි ඇති මන්ත්‍ර ස්වභාවයකට අයත් ලෙස රචනා වුවත් මෙය බැලූ බැල්මට කෙනකුට පෙනෙනුයේ ගාථාවක ස්වභාවයෙනි.
සතර මහා නිධානයක් බඳු ගාථා සතරක් වන මෙම සබ්බ පාපස්ස ගාථාවෙහි මෙවර නිධාන ගාථාව ඉදිරිපත් කරනු ලබන්නේ සබ්බ පාපස්ස අලගුවයි.
නොසිතූ ආශ්චර්යවත් අද්භූත වූ ප්රාතිහාර්යයන් පෑ හැකි මහත් ආනුභාව සම්පන්න මෙම මහා අලගුව මන්ත්‍ර ශාස්ත්‍රයෙහි ඇති මන්ත්‍ර ස්වභාවයකට අයත් ලෙස රචනා වුවත් මෙය බැලූ බැල්මට කෙනකුට පෙනෙනුයේ ගාථාවක ස්වභාවයෙනි.
"අලගුව" යන වචනය ඔබට නුහුරු නම් පළමුව මා විසින් එම වචනයෙහි අදහස කියා දෙන්නම්. අලගුව යන වචනය මන්ත්‍ර ශාස්ත්‍රයට අයත් වචනයකි. අලගුව යන්න යෙදුණු ඕනෑම මන්ත්‍රයක් ශාස්ත්‍රයෙහි ක්‍රම දෙකකට යොදා ගත හැකිය. එනම් එය සියලු වින දෝෂ කැපිය හැකි කැපුම් මන්ත්‍රයක් ලෙස මෙන්ම පුද්ගලයාට සියලුම ආරක්ෂාව උදාකර ගත හැකි ආරක්ෂා මන්ත්‍රයක්ද වශයෙනි.
ආරක්ෂාව උදෙසාත් වින හරණය උදෙසාත් යන මෙම දෙයාකාරයක කාර්යයන් වෙනුවෙන් යොදාගත හැකි අලගු මන්ත්‍ර, මන්ත්‍ර ශාස්ත්රයේ ඉගැන්වේ. සතර පොත්ගුල් අලගුව, ජලනන්දන අලගුව, විෂ්ණු අලගුව ආදී මන්ත්‍රවලින් සියලු දෝෂ ඉවත් කිරීමට මෙන්ම ආරක්ෂාව ඇති කිරීමටද යන දෙයාකාරයක ක්රමයන් වෙනුවෙන් අවශ්‍ය කටයුතු සිදුකළ හැකිය.
ලෝකයේ මිනිසුන් තමාගේ බසට අවනත කර ගැනීමට සබ්බ පාපස්ස ගාථා ගුරුකම්ද, අට ආකාරයකට සැප සම්පත් උදා කරගැනීම සඳහා අෂ්ට සම්පත්ති සාධක සබ්බ පාපස්ස දැහැනද තුළින් නිධානයන් දෙකක් මතුකර ගත්තාක් බඳු මහත් ශක්තියක් ලද පුද්ගලයාට විවිධ සතුරන් විසින් ඇති කරනු ලබන නොයෙකුත් හූනියන් දෝෂ, වින බන්ධන දෝෂ සහමුලින් මුලිනුපුටා දැමීමට හැකි ප්රබලතම මන්ත්‍ර ගාථාව මෙම සබ්බ පාපස්ස අලගුවයි.
ඇතැම් නිවෙස්වලට කරන ලද විවිධ වින බන්ධනයන් කිසිදු ඇදුරකුට කැපිය නොහැකිය. එසේ කරනු ලබන යමකාල සීමා ගුරුකම් ගුරු පරපුරවල් සතුව ඇත. එසේ සීමා බැඳ හූනියම් දෝෂ ඇති කළ කල්හි එය කැපීමට ඍෂිවරු පැමිණියත් නොහැකිය.
මෙවැනි ආකාරයකට වින බන්ධනවලින් ඔබ පීඩා විඳී නම් මේ ක්‍රමය අත්හදා බලන්න. සැක නැත, එහි ප්‍රතිඵල ස්ථීරයි. මෙම සබ්බ පාපස්ස අලගුවෙන් 10,000කට වැඩි වාර ගණනක් ජීවාම් කරගත් දෙහි හෝ පුහුලයක් කපන්න. එය ඔබට අපහසු නම් මෙයින් මැතිරූ තෙල්වලින් දින 49ක් ගෙදර සතර කොන පහන් දල්වන්න.
එක එක යකැදුරන්, ශාස්ත්රකරුවන් කීවාට හූනියම් ඇතැයි විශ්වාස කරන්න අවශ්‍ය නැත. ඔබටම පෙනෙන්නට ඒවා මතුවී එයි. වැස්සකට සේදී හෝ වැළලූ යන්ත්‍ර ආදිය වේ නම් ඒවා පුපුරා ගොඩට මතුවන බව ඉපැරැණි පුස්කොළවල සඳහන් වේ. මෙම ගාථාවෙන් තමාට කර ඇති ඕනෑම දෝෂයක් විනාශ කිරීමට අප්‍රමාණ වූ ශක්තියක් ඇත. ඒ ගාථා නිධානය මෙසේයි.
"සබ්බ පාප හිතා සත්තා - රත්තකාය සුතා සුතං
අෂ්ට චක්‍ර නාමානං - උෂ්ට භූෂණ භූෂණං
සර්ව සිද්ධි හරං තේජෝ - නම-- සත්ථානු සාසනා
බුද්ධ වූ ජීව අතිශේ්රෂ්ඨං - සර්ව ශ්‍රී ජයතු මංගලම්
ශාන්ති ජයතු මේ මයිහං - ශ්‍රද්ධා ශ්‍රී ජයතු තේජසාම්"
හොඳින් බලන්න. තථාගතයන් වහන්සේගේ උත්තරීතර වූ මහත් ශක්තිය මෙම ගාථාව තුළ ගැබ්වී ඇති ආකාරය අපූර්වය. මෙම ගාථාව නිතර පාඩම් ඇතිව කියනා කෙනකුට හූනියම් කළ නොහැකිය.
ඔබට කවරකු විසින් හෝ එවැන්නක් කරතැයි සැකයක් ඇත්නම් ඊට සුදුසුම දෙය නම් මෙම ගාථාව උදේ සවස ගායනා කිරීමයි. දස දහස් වර, ලක්ෂවර මෙම ගාථාව සිද්ධි වූ කෙනකුට කිසිදු හූනියමක් විනයක් සිදු කිරීමට කිසිවකුට හැකියාවක් නොලැබේ. නමුත් ඊට පෙර කර තිබූ දෙයක් වී නම් මෙය කීමෙන් පමණක්ම එම දෝෂය දුරු කරගත නොහැකිය. අඩුම තරමින් මෙයින් දහස් වරක්වත් ජීවාම් කරගත්තා වූ වැලි, තෙල් ආදිය සුදුසු පරිද්දෙකින් ඉසීම, පහන් දැල්වීම ඉතා ප්‍රශස්තය. එසේම අහු දෙහි පුහුල් ආදී යමක් හැකි පරිද්දකින් ජීවාම් කොට කපාගත හැකි නම් ඔබට මෙයින් විපුල පල උදාකර ගත හැකිය. සබ්බ පාපස්ස යන්ත්‍රය හෝ එසේත් නැතිනම් මෙම ගාථාවම හෝ තඹ කොළයක ලියා මෙම ගාථාවෙන් ජීවාම් කොට ගෙන කර පැලඳීමෙන් අංගං, සූනියන්, ඉරි පැන්නුම්, වැල් පැන්නුම්, ඉනා බන්ධන ආදියෙන් සර්ව සම්පූර්ණ වූ ආරක්ෂාවක් උදාකර ගත හැකිය.
නොයෙක් පාප ක්‍රියාවන් සඳහා හිත ඇති සත්ත්වයන්ගෙන් තමන්ට ඇති විය හැකි සියලු විපත්වලින් තමාව ආරක්ෂා කර ගැනීමට ත්‍රිවිධ රත්නයේත් දෙවියන්ගේත් ආශීර්වාදය තමන්ට ලැබේවා යන ප්‍රාර්ථනය ඇති මෙම මහා අලගු මන්ත්‍රය ජීවමට ගන්නා විට ඉතා පිරිසුදු තැනක් මුලින්ම සූදානම් කරගත යුතුය.
මල්, පහනක්, බුලත්, පඬුරු ආදිය එහි තැබිය යුතුය. මෙම ගාථාව භාවිතයෙන් ඔබේ නිවෙසට අති ප්‍රබල ආරක්ෂාවක් සකස් කර ගැනීමට ඔබට හැකියාවක් ඇත. ආරක්ෂා ජීවම සඳහා විවිධ අය විවිධ දේවල් යොදා ගනී. පොදුවේ යන්ත්‍ර මන්ත්‍රවලින් හෝ පිරිත්වලින් හෝ වෙනත් දෙයකින් හෝ ආරක්ෂා යොදාගෙන මුට්ටිවලට අසුරා නිවෙස්වල වළ දමනු ලබන ඕනෑම වේලාවකදී පහත සඳහන් ද්‍රව්‍ය ආරක්ෂක මුට්ටිවලට ජීවාම් කොට දැමීම සුදුසුය. ඒවා මොනවාදැයි දැන ගැනීමට ඔබට මෙන්ම ප්‍රවීණ මන්ත්රාචාර්යවරුන්ද වැදගත් යැයි සිතමි.
මුහුදු වැලි, ගඟේ වැලි, ඇළේ වැලි, නොපෑගුණු තිරිවානා කැට, පූජනීය ස්ථානවලින් ගත් වැලි, නාග රූප, ඇත් රූප, ත්‍රිෂූල, අශ්ව රූප, දුනු, ඊතලය, පස්ලෝ කූරු, පස්ලෝ කුඩු, මැණික්, වේලායුධ, යබොර, කාසි, යකඩ ඇණ, වීදුරු කටු, එළ අබ, රතු අබ, කුඹුරු ඇට, ඉඟිනි ඇට, නෙලුම් රේණු, නාමල් රේණු යන මේවා සියල්ලම හෝ මේවායින් කැමැති යම් දේවල් කීපයක් හෝ තමන්ට ආරක්ෂාවක් සාදන විට එකතු කරගත හැකිය.
මෙම ගාථාවෙන් පිරිත් කර ගන්නවා නම් මෙම අලගුව ලියූ තඹ කොළ 4ක්ද තබා ගැනීම ඉතා සුදුසුය. එසේම පස් තෙල් සහ අබ තෙල්ද වෙන වෙනම මින් ජීවාම් කර ගැනීම ඉතා සුදුසුය. ඒවා කුප්පිවලට දමා නිවෙසේ ඇතුළත සතර කොන එල්ලීම කළ යුතුය. ඇතැමුන් ආරක්ෂාවන් වැළලීම උදේ 9ට 10ට පමණක් සිදුකරනු අප දැක ඇත. නමුත් උදෑසනම මේවා වැළලීම සිදුකර ගත හැකි නම් එයින් ලැබෙන ප්‍රතිඵලය බෙහෙවින් දියුණු කර ගැනීමට හැකිවේ. මෙයින් යොදන ආරක්ෂාව ඉතා දිගු කාලයක් නිරුපද්‍රිතව තබා ගැනීමට හැකියාවක් ලැබෙනුයේ මෙයින් යොදන බලය කිලි ආදියෙන් විනාශ වීම ලෙහෙසියෙන් සිදු නොවන බැවිනි. එසේ යම් කිසි දෙයක් කැපීමක් සිදු කරනවා නම් පහත සඳහන් දේවල් කැපුම් සඳහා යොදාගත හැකිය.
පුහුල්, හොඬල, ගැට අන්නාසි, අහු, දෙහි, එක නැට්ටේ දෙහි තුන, කයිල වැල්, නියඟලා වැල් හොඬල වැල්, අට කොනින් ගත් පස්වලින් රූපයක් සාදා එය කැපීම ආදී ඕනෑම දෙයක් කැපීම් සඳහා යොදාගත හැකිය. කළු හබරල අලද, අළු කෙසෙල් අලද කැපීම් සඳහා යොදගත හැකිය.
මේවායින් සුදුසු දෙයක් තෝරාගෙන අදාළ දෝෂය කපා දැමීමට අවශ්‍ය කටයුතු ඔබටම මෙමඟින් සිදුකරගත හැකිය. අත්තන, අහු, කදුරු ආදියද කැපීම් සඳහා යොදා ගැනීමේ වරදක් නැත. මේ ආකාරයට ඔබට රුචි පරිදි මෙම මන්ත්‍ර දැහැන මඟින් ජීවිතයේ විවිධ බාධක තත්ත්වයන් ඇති කරන මිනිසුන්ගේ එම බාධක මඟ හරවා ගනු පිණිස මෙම සබ්බ පාපස්ස අලගුව සිතුමිණක් සේ ඔබට ප්‍රයෝජනයට ගත හැකිය.
ඇතැමුන්ට කෙතරම් මුදල් තිබුණද ඔවුන්ට මෙවැනි තත්ත්වයක් ඇතිවූ විටකදී එයින් ගැලවීම සඳහා ක්‍රමයක් නැත. සුදුසු විශ්වාසවන්ත ඇදුරා සොයා ගැනීමට නොහැකිය. එසේ හෙයින් එවැනි අවස්ථාවලින් පීඩා විඳින කෙනකු නම් මෙය ඔබට නිධානයක්ම වන්නේය. ඔබට තෙරුවන් සරණයි!
Wmqgd .ekSu u